ලොවක් කම්පා කළ නේපාලයේ ඇති වූ හදිසි ඛේදවාචකයෙන් මියගිය සංඛ්‍යාව 160 දක්වා ඉහළට - 400කට වැඩි පිරිසක් අතුරුදහන්

By Kaushi Aug 27, 2026 02:56 AM GMT
Report

නේපාලයේ ඇති වූ දැවැන්ත ගංවතුරකින් සහ මඩ නායයාමකින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර තවත් 400කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අතුරුදන් වූ සංචාරකයින් අතර ඉන්දියාවෙන් 100 කට වැඩි පිරිසක්, ඇමරිකා එක්සත් ජනපදයෙන් 54 ක්, ඕස්ට්‍රේලියාවෙන් 34 ක් සහ එක්සත් රාජධානියෙන් 33 ක් මෙන්ම නේපාලයෙන් 100 කට වැඩි පිරිසක් ද සිටින බව නිලධාරීන් සඳහන් කරයි.

එමෙන්ම නේපාල පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරීන් දුසිම් ගනනක් අතුරුදහන් වී ඇති අතර, විදුලි සේවකයින් ද අතුරුදහන් වී ඇති බව සඳහන්.

ගංවතුරට පෙර භූමිකම්පාවක් ඇති වන්නට ඇති බව බලධාරීන් මුලින් සිතුවද එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසා ඇත්තේ "භූ කම්පන ශක්තිය ජනනය වූයේ නායයෑමකින්" බවයි. 

හෙට 06.43 සිට ක්‍රියාත්මක විශේෂ පොලිස් නිවේදනයක් - දිවයිනටම දන්වයි

හෙට 06.43 සිට ක්‍රියාත්මක විශේෂ පොලිස් නිවේදනයක් - දිවයිනටම දන්වයි

දීර්ඝ සති අන්තයේ ඉන්ධන ගැන නරක ආරංචියක් - පාරිභෝගිකයන්ට ‍රතු එළි සමඟ QR ක්‍රමය ගැනත් දැනුම්දීමක්

දීර්ඝ සති අන්තයේ ඉන්ධන ගැන නරක ආරංචියක් - පාරිභෝගිකයන්ට ‍රතු එළි සමඟ QR ක්‍රමය ගැනත් දැනුම්දීමක්

එළඹෙන සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් මස 15 වන දින තෙක් මාසයකට මෙම කලාප තාවකාලිකව වසා දැමේ - විශේෂ දැනුම්දීමක්

එළඹෙන සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් මස 15 වන දින තෙක් මාසයකට මෙම කලාප තාවකාලිකව වසා දැමේ - විශේෂ දැනුම්දීමක්