සමස්ත නේපාල ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකාව පෙරට - ජනපතිගෙන් විශේෂ X පණිවුඩයක්

Report

නේපාලයේ හිමාලයානු දේශසීමා ආශ්‍රිතව සිදුවූ දැවැන්ත හිම කඳු නායයෑම සහ ග්ලැසියර ජල ගැලීම් නිසා විපතට පත් ජනතාව මුදාගැනීමේ සහ සහන සැලසීමේ මෙහෙයුම් වෙනුවෙන් සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා ඇත.

ඒ අනුව සිය ‘X’ ගිණුම හරහා විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නේපාලයේ හටගත් මෙම හදිසි ආපදා තත්ත්වය සහ සිදුවූ ජීවිත හානි පිළිබඳව දැඩි කම්පනය ද පළ කරමින්.

එමෙන්ම නේපාල ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ සමස්ත නේපාල ජනතාව වෙත සිය ශෝකය පළ කළ ජනපති ස්වාභාවික ව්‍යසනයක වේදනාව හොඳින් හඳුනන රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව මෙම දුෂ්කර මොහොතේ නේපාලය සමඟ නොසැලී සිටින බවයි අවධාරණය කර තිබෙනවා.

දීර්ඝ සති අන්තයේ ඉන්ධන ගැන නරක ආරංචියක් - පාරිභෝගිකයන්ට ‍රතු එළි සමඟ QR ක්‍රමය ගැනත් දැනුම්දීමක්

දීර්ඝ සති අන්තයේ ඉන්ධන ගැන නරක ආරංචියක් - පාරිභෝගිකයන්ට ‍රතු එළි සමඟ QR ක්‍රමය ගැනත් දැනුම්දීමක්

අඳාළ X සටහන පහතින්,

“නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදු වූ ඛේදනීය ජීවිත හානි පිළිබඳව මා දැඩි කම්පනයට පත්වුණා. එහි මුදාගැනීමේ සහ සුන්බුන් ඉවත් කිරීමේ මෙහෙයුම් සඳහා අවශ්‍ය සහාය ලබා දීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටිනවා. මීට මාස 10කට පෙර දරුණු සුළි කුණාටු ව්‍යසනයකට මුහුණ දුන් රටක් ලෙස, අප නේපාල ජනතාවගේ මෙම වේදනාව ගැඹුරින් බෙදාගන්නවා. නේපාල ජනාධිපති කාර්යාලය, එරට අග්‍රාමාත්‍යවරයා සහ සමස්ත නේපාල ජනතාව වෙත ශ්‍රී ලංකාවේ බලවත් ශෝකය පළ කර සිටිනවා.”

හෙට 06.43 සිට ක්‍රියාත්මක විශේෂ පොලිස් නිවේදනයක් - දිවයිනටම දන්වයි

හෙට 06.43 සිට ක්‍රියාත්මක විශේෂ පොලිස් නිවේදනයක් - දිවයිනටම දන්වයි

එළඹෙන සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් මස 15 වන දින තෙක් මාසයකට මෙම කලාප තාවකාලිකව වසා දැමේ - විශේෂ දැනුම්දීමක්

එළඹෙන සැප්තැම්බර් 14 සිට ඔක්තෝබර් මස 15 වන දින තෙක් මාසයකට මෙම කලාප තාවකාලිකව වසා දැමේ - විශේෂ දැනුම්දීමක්