භූමිතෙල් මිල යළිත් ඉහළට..? අගමැතිගෙන් ප්‍රකාශයක්

Ranil Wickremesinghe Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Jul 06, 2022 02:17 PM GMT
Sewvandhi

Sewvandhi

Report

භූමිතෙල් මිල ඉදිරියේදී ඉහළ යා හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ අතර, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියා සිටියේ ලබන 15 වනදා මෙරටට පෙට්‍රල් නෞකාවක් ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවයි.

බලධාරින් ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් කුමන අදහසක් ප්‍රකාශ කළත් ජනතාව තවදුරටත් ඉන්ධන ගැටලුව හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටිනවා. තවදුරටත් දිවයින පුරා අයි.ඕ.සී. සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් අසල පවතින්නේ දිගු පෝලිම්.

අද දිනයේදීත් ප්‍රදේශ කිහිපයක ඉන්ධන පිරවුම්හල් අසල උණුසුම් තත්ත්වයන් මතුවූයේ ජනතාව කලහකාරි අන්දමින් හැසිරීම හේතුවෙන්.

මේ අතර, වැල්ලවාය නගරයේ ඉන්ධන පිරවුම්හලක් අසලදි කලහාකාරි ලෙස හැසිරිමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයින් 13 දෙනා මේ මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now