හෙට 2 වෙනකල් මේ ප්‍රදේශවලින් ඉවත්වන්න - වෙන්න යන මහ විනාසය නිසා මේ දිස්ත්‍රික්ක කොටස් තුනකට බෙදයි - රතු නිවේදන
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් ඇද හැළෙන අධික වැසි හමුවේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් යාවත්කාලීන කිරීමට පියවර ගෙන ඇත.
එබැවින් ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන නිකුත් කිරීමටත් තවත් ප්‍රදේශ කිහිපයක් සඳහා අවධානයෙන් සිටින ලෙසත් දන්වා තිබෙනවා.
එම අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 2 සිට හෙට පස්වරු 2 දක්වා ක්‍රියාත්මක බවද එම සංවිධානය සඳහන් කරයි.
අඳාළ දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,
රතු නිවේදන දන්වා ඇති ප්‍රදේශ (ඉවත් වන්න)
මහනුවර - පස්බාගේ කොරළය
කෑගල්ල - දෙහිඕවිට, අරණායක, දැරණියග, මාවනැල්ල, යටියන්තොට
නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර
අවධානයෙන් සිටින ලෙස දන්වා ඇති ප්‍රදේශ
මගේ මහත්තයාගේ ලොකුම බලාපොරොත්තුවවත් කරන්න ඒ කුරිරු රියදුරා ඉඩ දුන්නේ නැහැ.. පාසලම මළගමක් කර විදුහල්පති යන්නම යද්දි බිරිඳ කී සංවේදී කතාව
කොළඹ - පාදුක්ක
ගාල්ල - නාගොඩ, තවලම, නෙළුව
කළුතර - අගලවත්ත, බුලත්සිංහල, පාලින්දනුවර, වලල්ලාවිට
මහනුවර - ගඟ ඉහළ කොරළය
කෑගල්ල - බුලත්කොහුපිටිය, කෑගල්ල
මාතර - අකුරැස්ස, පිටබැද්දර
රත්නපුර - රත්නපුර, අයගම, කුරුවිට,
නුවරඑළිය - තලවකැලේ
විමසිලිමත්භවින් සිටින ලෙස දන්වා ඇති ප්‍රදේශ
කොළඹ - සීතාවක
ගාල්ල - නියාගම, බද්දේගම
ගම්පහ - මීරිගම
කළුතර - ඉංගිරිය
මහනුවර - උඩපලාත, යටිනුවර
කෑගල්ල - ගලිගමුව, වරකාපොල, රුවන්වැල්ල
මාතර - කොටපොල, පස්ගොඩ, අතුරලිය
රත්නපුර - ඇහැලියගොඩ, කලවාන, ඇලපාත