කෙහෙළියගේ ඥාති සහෝදරයෙකු වෙන බණ්ඩාර රඹුක්වැල්ල අත්අඩංගුවට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඥාති සහෝදරයෙකු වන බණ්ඩාර රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (03) උදෑසන ඔහුගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධ චෝදනාවක් මතයි.
මෙම සිද්ධිය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ඔහුගේ පවුලේ සමහර සාමාජිකයන්ට එරෙහිව පවතින මුදල් විශුද්ධිකරණ චෝදනා සමඟ සම්බන්ධ විය හැකි බව වාර්තා වෙයි.