කෙහෙළිය ඇතුළු 07දෙනා ගැන දුන්න විශේෂ නියෝගය ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න.

Keheliya Rambukwella Sri Lanka Politician Latest Headlines Decision Making
By krishani Jun 14, 2024 12:30 PM GMT
krishani

krishani

Report

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු 7 දෙනා ජුනි 28 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

කෙහෙළිය ඇතුළු 07දෙනා ගැන දුන්න විශේෂ නියෝගය ගැන මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න. | Keheliya Rambukwalla And Others Remanded

ඒ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ය.

එම නඩුව අද (14) කැඳවූ අවස්ථාවේ දී එම නියෝගය ලබා දී ඇත.

මේ අතර, සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ අදාළ විභාග 2024 ජුනි මස 30 වනදා පැවැත්වෙන වන බවයි.

ඒ සඳහා අයදුම්කරුවන් 52,756ක් අයදුම්කර ඇති අතර දිවයින පුරා මධ්‍යස්ථාන 353කදී විභාගය පැවැත්වේ.

විභාග ප්‍රවේශපත් අයදුම්කරුවන් සඳහා ඊමේල් ඔස්සේ යවා ඇති බවත් එසේ නොලැබුණු අපේක්ෂකයින් සිය ප්‍රවේශපත www.slida.lk වෙබ් අඩවියෙන් බාගත හැකි බවත් අදාළ නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වේ.