කොවිඩ් මර්ධන එන්නත ලබා දීම අනිවාර්ය කෙරේ..? නැත්නම් සිදුවන දේ මෙන්න
Corona virus
Covid 19
By Sithumi
කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගැනීම අනිවාර්යය කිරීම සම්බන්ධයෙන් අවශ්‍යතාව අනුව ඉදිරියේදී නීතිරීති සම්මත කර ගැනීමට හැකි වනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. මහනුවර ජාතික රෝහලේ අද (26) පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය
. "සෞඛ්‍ය අංශ දැඩි ලෙස ඉල්ලීමක් කරනවා තමාගේ ආරක්ෂාව පිණිස මේ එන්නත් මාත්‍රා දෙකම ලබාගන්න කියලා.
තමාගේ ජීවිතය ගැන තමාට අයිතියක් තියෙනවා වගේම තව කෙනෙකුට එය බෝ වෙන එක වැළැක්වීමට ගන්නා තීරණවලට විරුද්ධ වෙනවා නම් ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා නීතිමය තත්ත්වයත් ඒ අත්‍යවශ්‍ය තත්ත්වයත් තුළ අපිට ඒ දේ කළ හැක්කේ කෙසේද කියන තීන්දුව ගන්න සිද්ධවෙනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |