සෞඛ්‍ය ඇමති ගෙන් හදිසියේම විශේෂ ප්‍රකාශයක් (VIDEO)

Covid 19 Keheliya rabukwella corona virua
By Sithumi Aug 29, 2021 01:41 PM GMT
Sithumi

Sithumi

Report

හික්කඩුව ප්‍රදේශයේ කොවිඩ් මර්දන එන්නත්කරණ මධ්‍යස්ථානයක පසුගියදා ඇතිවූ කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි පොලිස්පතිවරයා වෙත දැනුම් දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබෙනවා. 

හික්කඩුවේ සිදුවූ සිදුවීම පහතින් නරඹන්න 



 නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙන්නේ පසුගිය දිනවල විවිධ ප්‍රදේශවල එන්නත්කරණ මධ්‍යස්ථානවලින් වාර්තා වූ සිද්ධීන් පිළිබදව අවධානය යොමුකර ඇති බවයි. ඒ පිළිබද තොරතුරු රැසක් ලැබී ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ. මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ ක්‍රියාවළිය පිළිබද ජාත්‍යන්තරයේද ඉහළ පැසසුමට ලක්ව ඇති බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දෙනවා.

එවැනි තත්වයක් තුළ එන්නත්කරණ ක්‍රියාවළිය අප්‍රසාදයට ලක්කිරීමේ අරමුණකින් යම් දේශපාලන කණ්ඩායමක් ක්‍රියා කරන්නේදැයි සැක මතුවන බවයි අමාත්‍යවරයා නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now