කෙහෙල්බද්දර පද්මේට වැඩ වරදී - මරණ තර්ජන ගැන විමර්ශන ඇරඹෙයි

CID - Sri Lanka Police Sri Lanka Police Drugs Latest Headlines Sinhala news
By Ashfa Aug 05, 2025 06:27 PM GMT
Ashfa

Ashfa

Report

කෙහෙල්බද්දර පද්මේ ලෙස හැඳින්වෙන විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතාට මරණීය තර්ජනයක් එල්ල කළ බවට පවසන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ (05) දින දැනුම් දී ඇත.

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

සුභ ආරංචියක් රාජ්‍ය සේවක වැටුප් ඉහළට රු. කෝටි 11,000ක් වෙන් කරයි

පොලිසිය ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය, කෙහෙල්බද්දර පද්මේ සහ තවත් දෙදෙනෙකුගේ දුරකථන විස්තර අධිකරණයට කැඳවීමට නියෝග කළාය.

ජනපති අනුර හෝටල් හිමි කාන්තාවක් හා යන මඩ ප්‍රචාර වලට ඇමති නලින්ද පිළිතුරු දෙයි

ජනපති අනුර හෝටල් හිමි කාන්තාවක් හා යන මඩ ප්‍රචාර වලට ඇමති නලින්ද පිළිතුරු දෙයි

මෙම තත්ත්වය සම්බන්ධයෙන් වන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කර ඇත. පොලිසිය වැඩිදුරටත් පැවසුවේ, මෙහිදී අමින්ද රෝෂාන් ජයසේකර (දරුන්) සහ සලින්ද මදුශාන් පෙරේරා (කමාන්ඩෝ සලින්ද) නමැති විදේශගතව සිටින තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු ද එම තර්ජනත්මක ඇමතුමට සම්බන්ධ වී ඇති බව අනාවරණය වී ඇති බවයි.

ගුරුවරුන්ට ලක්ෂ එකහමාරක පඩියක් - රටේ ඉහළම වැටුප ගුරුවරුන්ට

ගුරුවරුන්ට ලක්ෂ එකහමාරක පඩියක් - රටේ ඉහළම වැටුප ගුරුවරුන්ට

අදාළ ඇමතුම අගෝස්තු 3වැනිදා රාත්‍රි 8.33ට ලැබී ඇති අතර, එහිදී පොලිස් නිලධාරියා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට මරණීය තර්ජන එල්ල කර තිබේ. පොලීසිය වැඩිදුරටත් අනාවරණය කළේ, මෙම තර්ජනය ලබාදී ඇත්තේ කෙහෙල්බද්දර පද්මේගේ හෝටලයකදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය 440 ග්‍රෑම් සහ ජීවඋණ්ඩ 9ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු බවයි.

තර්ජන ඇමතුම පටිගත කර ඇති අතර, එහි සංයුක්ත තැටි රජයේ රස පරීක්ෂණාගාරයට භාරදීමත්, එහි අන්තර්ගතය පිළිබඳ වාර්තාවක් ලබාගැනීමත් සඳහාත් කටයුතු කර ඇති බවද පොලීසිය දැනුම් දී ඇත.

මෙම සිද්ධියට අදාළ විමර්ශන වලට අධිකරණ අධීක්ෂණය යටතේ නියෝග ලබාදී ඇති අතර, එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට පොලීසියට නියෝග කර තිබේ.

ReeCha