ලංගමයෙන් දැනුම් දීමක් , බස් ටිකට් එක අනිවාර්යෙන් ළග තියා ගන්න
ලැබූ අලුත් අවුරුදු සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) ලැබූ දැවැන්ත මූල්‍යමය සාර්ථකත්වයේ ප්‍රතිලාභ මගී ජනතාවට ද ලබා දීමට සභාපති සජීව නන්දන කනකරත්න මහතා තීරණය කර ඇති බව සදහන් වේ.
ඒ අනුව, අප්‍රේල් 09වැනිදා සිට 21 වැනිදා දක්වා කාලය තුළ ලංගම බස් රථවල ගමන් ගත් මගීන් සඳහා විශේෂ දිනුම් ඇදීමක් පවත්වා වටිනා ත්‍යාග පිරිනැමීමට කටයුතු සූදානම් කර ඇත.
තමන් ගමන් ගත් බස් ටිකට් පත සුරක්ෂිතව ළඟ තබා ගන්නා ලෙස සභාපතිවරයා මගී ජනතාවගෙන් ඉල්ලා තිබේ.
අලුත් අවුරුදු සේවා සැපයීමෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයට දින 6ක් තුළ රුපියල් බිලියනයක ආදායමක් හිමිව තිබුණි.