අපිට අපහාස කරන වෙබ් වැහුවොත් එයාලට කන්නවත් නෑ”. – කාවින්ද්‍යා අධිකාරී
උපතින්ම ජනප්‍රිය වනවා කියන කාරණාව අපි හැමෝටම ලබන්නට පුළුවන් දෙයක් නෙවෙයි.එයට වාසනා බල මහිමය හේතුසාධක වෙනවා කියලා විශ්වාස කරනවා.
මව් පිය පාර්ශව දෙකෙන්ම ලැබුණු දායාදයක් විදිහට ජනප්‍රියත්වයේ ඉහළටම එන්න හැකියාවක් ලැබුණු නව පරපුරේ රංගන ශිල්පිනියක්, ගායන ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක් විදිහටත් සමාජයේ බොහෝ දෙනා කතාබහ කරන චරිතයක් තමයි කාවින්ද්‍යා අධිකාරි කියලා කියන්නේ. අතුල සමිතා ආදරයෙ ප්‍රතිපලයක් තමයි කාවින්දයා.
නමුත් අද වන විට ඇගේ මව වන සමිතා මුදුන්කොටුව මහත්මිය සමඟ තමයි ජීවත් වෙන්නේ. ජනප්‍රියත්වයත් සමඟ සියලු බාධක වලට මුහුණ දීමේ හැකියාවත් ඇය උපතින්ම ගෙනත් තියෙනවා. මේ හේතුව නිසාම තමයි ඇය සමාජය තුළ ඍජුව කෙලින් හිටගෙන ඉන්නේ.
කාවින්ද්‍යා කියන්නේ කවුද කියන ප්‍රශ්නයට ඇය පිළිතුරු දෙන්නේ, බොහොම සරල, නිහතමානී, පොළොවේ පය ගහලා ජීවත් වන්න පුළුවන් චරිතයක් විදිහට. හිතට දැනෙන සියලුම සතුටු අවස්ථාවන් ඇය බොහෝවිට බෙදාහදාගන්නේ මව වූ සමිතා සමග කියන අතරම දුක හිතෙන අවස්ථාවන් අය ඇය තනිවම විඳ දරා ගන්න බව පවසනවා.
මොකද අම්මා දුක් වෙනවට ඇය කැමැති නැති නිසා.සමිතා මුදුන්කොටුව මහත්මිය කියන්න ඇයගේ ජීවිතයේ දෙවියකු බඳු කෙනෙක් කියලත් ඇය කියනවා. ඊට හේතුව වෙන්නේ තාත්තා ඔවුන්ව අතහැරලා දාලා ගියත් කවදාවත් අම්මා එහෙම කලේ නැති නිසා
. සියලු ප්‍රශ්න බාධක හමුවේ කාවින්ද්‍යා ඇයගේ සහෝදරයාත් සමඟ මව සමීපයෙ තමයි හැදී වැඩෙන්නේ.ඉතින් සමිතාගේ නව විවාහ කටයුතු පිළිබඳවත් සමාජයෙන් එල්ල වුණු කතා වලට ඇය පිළිතුරු දුන්නේ ඇයගේ මවගේ සතුට ඒ නිසාවෙනි. ඉතිං මේ දිනවල ඇය කලා නිර්මාණ වලට සහභාගි වන අතර නව ගීත කීපයක් ඉදිරිපත් කරන්නටත් බලාපොරොත්තුවෙන් ඉන්නවා කියල ඇය ප්‍රකාශ කරනවා.ඒත් සමගම ඇගේ පසුගිය දවස් වල පැවති ප්‍රේම සම්බන්ධතාවය පිළිබඳවත් ඇය කරුණු ඉදිරිපත් කරනවා.
ජනප්‍රිය ගායක ශිල්පියෙකු වන ගයාන් සමඟ පැවතුණු ඇයගේ සම්බන්ධතාවය දැන් නැවතිලා ඇති බවයි ඇය ප්‍රකාශ කරන්නේ. දෙදෙනාගේ අදහස් නොගැළපීම මත ඔවුන් වෙන් වීම සිදුවුණු බවත්, වෛරයකින් තොරව ඔවුන් ඈත් වී ඇති බවත් තමයි ඇය ප්‍රකාශ කරන්නේ.
”අපි දෙන්න වෛරයෙන් වුනේ නැහැ. අපි දෙන්නටම හොඳ මානසික මට්ටමක් තියනවා.“
කියලා තමයි කාවින්ද්‍යා කියන්නේ. අද වෙන විට වෙන්වන පෙම්වතුන් නැවත කතා කරන්නෙවත් නැති පසුබිමක ඔවුන් දෙපළ අවබෝධය තුළින් තමයි වෙන් වෙලා තියෙන්නේ. නමුත් පෙර පරිදි යහළුවන් මෙන් මොවුන් ක්ෂේත්රයේ වැඩ කටයුතු කරන බවත් ඇය කියනවා.