කොරෝනාවට බියෙන් ගෙදර යෑමට අවසර ඉල්ලූ සේවිකාවට සිදු වු දේ(VIDEO)

covid19 infections kandy hostel katugasthota
By Sewvandhi Jun 16, 2021 02:57 PM GMT
Sewvandhi

Sewvandhi

Report

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් නිරෝධායනයට යොමුකළ මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පුද්ගලික නේවාසික අධ්‍යාපන ආයතනයේ කාර්ය මණ්ඩලය ඇතුළු තවත් සිසුන් 5 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව අද (16) තහවුරු විය.

ඒ අනුව ආසාදිත බවට තහවුරු වූ අය පින්නවල සහ පොල්ගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණි. කෙසේවෙතත් මෙම ආයතනයේ සේවය කළ පීසීඅර් පරීක්ෂණයෙන් වෛරසය ආසාදිත නොමැති බවට තහවුරු වූ සුළු සේවිකාවකට අද එම ආයතනයේ කළමනාකාරිය පහරදී ඇති බව හෙළිවිය.

ඒ තමාට නිවසට යෑමට අවස්ථාව දෙන්නැයි එම සුළු සේවිකාව, කළමනාකාරියගෙන් ඉල්ලීමක් කළ අවස්ථාවේදීය. අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ, සුළු සේවිකාවගේ දරුවන් විසින් පොලිසියට කළ පැමිණිල්ලකින් පසුව කටුගස්තොට පොලිස් නිලධාරීන් අධ්‍යාපන ආයතනයේ කළමනාකාරියට අවවාද කර ඇති බවය.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now