සුපිරි නළු සල්මන්ටත් තහනම්ව රහසිගතව පැවැත්වූ සුරූපී නිළි කත්‍රිනා කායිෆ්ගේ විවාහයේ ඡායාරූප පෙළක් එළියට (PHOTOS)
කවුරුත් හිතුවේ “එයාලා විවාහයේ ඡායාරූප එළියට දාන එකක් නෑ“ කියලා... බොලිවුඩ් පුරවරයම අද දවසේ මඟ බලාගෙන හිටියේ කත්‍රිනා කයිෆ්ගේ විවාහයේ ඡායාරූප එළියට එනකන්.. හැබැයි කවුරුත් හිතුවේ “එයාලා විවාහයේ ඡායාරූප එළියට දාන එකක් නෑ“ කියලයි.
හැබැයි... කත්‍රිනා එහෙම නැහැ. ඔන්න ! ඇය තමන්ගේ රසිකයින් වෙනුවෙන්, සිය විවාහයේ අතිශය සුපැහිදිලි ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. කත්‍රිනාගේ විවාහ උත්සවය ඉතා රහසින් පවත්වන බවයි මින් පෙරදී ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.
එය කොයි තරම් රහසිගත ද කියනවා නම්, බොලිවුඩයේ දැවැන්තයෙක් වන සල්මන් ඛාන්ටවත් ආරාධනා පත්‍රයක් නැහැ කියලයි පසුගිය දවස්වල වාර්තා වුණේ. (කොහොමත් සල්මන් රියාද්වලට යන ගමන්නේ ඉන්නේ, එයාගේ ප්‍රසංග කටයුත්තකට.) කොහොම වුණත් කත්‍රිනාගේ විවාහයේ ගනු ලබන ඡායාරූප සමාජ මාධ්‍ය යේ පළ කරන්න එපා කියලත් නැදෑ හිතමිතුරන්ට කියලා තියනවලූ.
ඉන්ස්ටග්රෑම් හි පළ වූ කත්‍රිනාගේ විවාහයේ ඡායාරූප “කිහිපයට“ මේ වෙනකොටත් බොහෝ දෙනෙකුගේ සුබ පැතුම් ගලාගෙන එන අතර, ආලියා බාත් සහ ප්‍රියංකා චොප්රාත් එම ඡායාරූප වලට සුබ පැතුම් එක් කර තිබුණා.
විවාහයේ ඡායාරූප පෙළ පහතින්...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |