කටාර් හි ගොඩනැගිල්ලක් කඩා වැටී ශ්‍රී ලාංකිකයෙකු මරුට – තවත් අයෙකු අතුරුදන්
කටාර් රාජ්‍යයේ බින් ඩර්හැම් හි අල් මන්සූරා ප්‍රදේශයේ පිහිටි සිව් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටී සිදු වූ අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු මිය ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඊයේ (23) පෙරවරුවේ සිදු වූ මෙම අනතුරින් 60 හැවිරිදි වියේ පසු වූ තවත් ශ්‍රී ලාංකිකයෙකු අතුරුදන්ව ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ 56 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහුගේ පුත්‍රයා විසින් සිය පියාගේ සිරුර හඳුනාගෙන තිබෙනවා.
මෙම පුද්ගලයින් කටාර්හි සේවයට ගොස් එම ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිටි දෙදෙනෙකු වන අතර කඩා වැටුණු ගොඩනැගිල්ල තුළ පවුල් 12කට අයත් සාමාජිකයින් සිට ඇති බව සඳහන් වනවා.
ඔවුන් බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත්ව ඇති අතර තුවාල ලැබු පුද්ගලයින් 9 දෙනෙකු මේ වන විට කටාර් හි හමාද් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ .
