කටාන නගරයට කරන්න යන දේ මෙන්න.

By Wayomi Feb 20, 2023 11:29 AM GMT
Report

ඉදිරි දස වසර තුළ කටාන ගුවන් නගරයක් ලෙස සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය ඊට අදාළ සංවර්ධන සැලැසුම් කෙටුම්පත සකස් කර තිබෙනවා.

ඒ, අනුව කෙටුම්පත් කළ කටාන නගර සංවර්ධන සැලැස්ම සඳහා මහජන නියෝජිතයින්ගේ සහ නිලධාරීන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම පසුගිය දා නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණා.

කටුනායක සීදූව නගර සභාව සහ කටාන ප්‍රාදේශීය සභාව යන බල ප්‍රදේශය 2 සඳහා කටාන නගර සංවර්ධන සැලැස්ම සකස් කර ඇති අතර එය 2023 සිට 2033 දක්වා ක්‍රියාත්මක වේ.

මෙහි අරමුණ වන්නේ කටුනායක සීදූව බල ප්‍රදේශය ප්‍රවාහන, ගුවන් භාණ්ඩ හා සංචාරක සේවා සපයන ලොව පිළිගත් ගුවන් පුරයක් බවට පත් කිරීම සහ කටාන බල ප්‍රදේශය ස්වයංපෝෂිත ආර්ථිකයක් සහිත සුවපහසු නගරයක් බවට පත් කිරීමයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...         

JOIN NOW