25 හැවිරිදි පවනිගෙන් ලෝකෙටම දුන්න අමුතුම පාඩම මෙන්න.(VIDEO)
සිය ජීවිතයෙන් අඩකටත් වඩා වැඩි කාලයක් ගිලන් ඇඳක ජීවත් වෙමින් සිටයදී තමන් විසින්ම රචිත නවකතාවක් එළිදක්වා එයින් ලද ආදායමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවෙන් පෙළෙන මිනිසුන් වෙනුවෙන් උදව් උපකාර කළ තරුණියක් පිළිබඳ පුවතක් කැස්බෑව ප්‍රදේශයෙන් වාර්තා වෙයි ඇය කැස්බෑව මාකන්දන ප්‍රදේශයේ ජීවත්වන පවනි මධුභාෂිනීයි.
25 වැනි වියේ පසුවන ඇය වසර 13ක සිට ගිලන්ව ඇඳක මත ජීවත් වන්නේ ශ්වසන යන්ත්‍රයක් ආධාරයෙනි.
ක්‍රමක්‍රමයෙන් දුර්වල වූ පවනිට මෙ රෝගී ත්ත්වයත් සමග අධ්‍යාපනය ද මගහැරී යයි.
නමුත්, ඇය අතිශය ආදරය කළ ලේඛන කලාව සියලු බාධක මැද අඛන්ඩව කරගෙන ගොස් තිබේ. ඒ අනුව තම සිහිනයක් වූ තමන්ගේම පොතක් ලියන්නට ඇයට පසුගියදා හැකිවිය.
ඒ "රුවල් නැවේ සතුට බිඳුණු චාරිකාව" නමැති නවකතාවය.
ඇය මෙම කතා පොත නිර්මාණය කළේද තමන් වගේම ස්වසන අපහසුතා ඇති තවත් රෝගීන් වෙනුවෙනි.
පොත අළෙවියෙන් ලද මුදල සහ තවත් පරිත්‍යාගශීලීන්ගෙන් මුදල් එකතු කරගනිමින් පවනි පසුගියදා නිකවැරටිය මූලික රෝහලට රුපියල් ලක්ෂ 12ක් වටිනා වෙන්ටිලේටර් යන්ත්‍රයක් පරිත්‍යාග කර තිබේ.
තමා සිදුකළ මහඟු පුන්‍යකර්මය ලොවට කියන්නට පවනිට නොහැකි වුවත් ඇයගේ සතුට කොතෙක්ද යන්න මේ රූපරාමු දකින අපට මනාව පැහැදිළි වෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |