ඔබත් පරිස්සමෙන්.. කෝටියකට අධිකව මුදල් වංචා කළ සජබේ මන්ත්‍රීවරියගේ කැරැට්ටුව හෙළිවේ.. පොළීසියේදිත් පුපුරමින් කෑගසයි.
ආකර්ෂණීය පොලියක් දෙන බව පවසා රුපියල් එක් කෝටි දාහත් ලක්ෂයක මුදලක් වංචා කළ කැස්බෑව නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරියක් අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය පවසනවා සැකකාරියගේ වංචාවන්ට හසුවූ බහුතරයක් කාන්තාවන් බව සඳහන් වන අතර ඉකුත් වසරේ මාර්තු මස සිට මෙම වංචාව සිදුකර ඇති බව ලද පැමිණිලිවල දැක්වෙනවා.
මේ වන විට ඇයට එරෙහිව පිළියන්දල පොලිසියට පැමිණිලි 11ක් ලැබී ඇතැයි පොලිස් නිලධාරික් පැවසූ අතර විවිධ ව්‍යාපෘතිවලට මුදල් යොදවන බව සහ විවිධ මන්ත්‍රීවරුන්ගේ නම් පාවිච්චි කර රුපියල් ලක්ෂ 3 සිට 25 දක්වා මුදල් විවිධ අයගෙන් මෙම සැකකාරිය වංචාකාරී ලෙස ලබාගෙන ඇති බවට පොලීසියට කරන ලද පැමිණිලිවල සඳහන් වනවා.
"මගේ අතින් ලියපු එක ලියුමක් වත් නෑ..
" යනුවෙන් සැකකාරිය පොලීසියේදි මාද්‍යවේදියාටද බැන වැදී අති බවද සදහන් වනවා. වංචාකළ මුදල් ඉල්ලා සිටීමේදී මුදල් නොදෙන බවට තර්ජනය කරන බවට ද පැමිණිලිකරුවන් පොලීසිය හමුවේ ප්‍රකාශකර තිබුණා.
මෙම මන්ත්‍රීවරිය සමගි ජන බලවේගය නියෝජනය කළ හිටපු නගර සභා මන්ත්‍රීවරියක් වනවා.
අත්අඩංගුවට ගත් සැකකාරිය පිළියන්දල මකුළුදූව ප්‍රදේශයේ පදිංචි අවුරුදු පනස් හතරක තැනැත්තියක් වන අතර සැකකාරිය කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.