මෙරට දී පිරිනැමෙන වටිනාම සම්මානයකින් කරූ ජයසූරිය පිදුම් ලබයි..
අද (03) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හිටපු කථානායක කරූ ජයසූරිය වෙත ශ්‍රී ලංකාභිමාන්‍ය ජාතික සම්මානය පිරිනැමීය.
ජාතිය වෙනුවෙන් අතිවිශාල විශිෂ්ට සේවාවක් ඉටු කළ ශ්‍රී ලාංකික පුරවැසියන්ට සහ ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින්ට සිය ජීවිත කාලය තුළ එක්වරක් පමණක් ප්‍රදානය කෙරෙන ශ්‍රී ලංකාභිමාන්‍ය ජාතික සම්මානය 1986 වර්ෂයේ සිට පිරිනැමීම සිදුකර ඇත.
මෙරට දී පිරිනැමෙන උච්චතම සම්මානය එය වන අතර කොළඹ ජනාධිපති මන්දිරයේ දී එම සම්මානය පිරිනැමීමේ උත්සවය පැවැත්විණ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |