අවුරුදු 18 තරුණයා එලොව යැවූ අමානුෂික ඝාතනය

Report

කොටහේන නගරයේදී තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ තරුණයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

ඊයේ (14) දින රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති අතර, කොටහේන පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මියගොස් ඇත්තේ, අවුරුදු 18ක් වූ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔබේ ජීවිතය සහ මුලින්ම වෙනස් කරන අද දවසේ බලගතු ලග්න පලාපල

ඔබේ ජීවිතය සහ මුලින්ම වෙනස් කරන අද දවසේ බලගතු ලග්න පලාපල

පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත. සැකකරුවන් හඳුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර, යක්කලමුල්ල පොලිස් වසමේ මොරකැටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට යක්කලමුල්ල පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. ඝාතනයට ලක්ව ඇත්තේ, අවුරුදු 54ක් වූ යක්කලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ කැළඹීමක් - දිවයිනේ ප්‍රදේශ රැසකට අනතුරු ඇගවීමක්

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ කැළඹීමක් - දිවයිනේ ප්‍රදේශ රැසකට අනතුරු ඇගවීමක්

පැරණි ආරවුලක් මත බහින් බස්වීමක් දුරදිග ගොස් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අවුරුදු 27ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, යක්කලමුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.