රටේ පුරවැසියන්ට විවාහ වීමේ නිදහසට සීමා පැනවීම ගැන කරුගෙන් ප්‍රකාශයක්..
මෙරට තුළ ජීවත් වන පුරවැසියන්ගේ විවාහ වීමට ඇති නිදහසට සීමා පැනවීම හුදු හාස්‍යජනක මෙන්ම පිළිකුල්සහගත තත්ත්වයක් බව හිටපු කථානායක කරු ජයසූරිය පවසනවා.
ශ්‍රී ලංකා පුරවැසියෙකු විදේශිකයෙක් විවාහ කරගන්නේ නම් ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ව අවසර සහතිකයක් ලබා ගත යුතු බවට රෙජිස්ටාර් ජෙනරාල්වරයා විසින් නිකුත් කර ඇතැයි කියන චක්‍රලේඛය රටේ පුරවැසියන්ගේ නිදහස සීමා කිරීම සඳහා රජය ගෙන ඇති අමනෝඥ පියවරක් බවයි හිටපු කථානායකවරයා පෙන්වා දෙන්නේ.
මෙම තීරණය මගින් රටේ ප්‍රතිරූපයට ද නිගා දෙන්නක් සිදු වන අතර, ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් කිසිදු විටක දී අතිශය පෞද්ගලික වූ නිදහසට නීති නො පනවන බව ද හෙතෙම අවධාරණය කරනවා.
රාජ්‍ය පාලනය යනු විද්‍යාත්මක දර්ශනයක් මත පිහිටා සිදු කළ යුත්තක් මිසක කුටුම්භයන්හි සාමාන්‍ය පැවැත්මට නීති පනවන ක්‍රියාකාරීත්වයක් නොවන බවත්, පුරවැසියන්ගේ විවාහ වීමට නීති පැනවීම ද නිදහසට පනවා ඇති නීති සහ සීමා කිරීම මෙරට ජනතාවට දෙයාකාරයකින් සැලකීමට ද පදනමක් දැමීමක් බවත් ඔහු සඳහන් කළා.
රටක ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනතාවට ලබා දී ඇති මූලික අයිතිවාසිකම් ද මෙතුළින් අමු අමුවේම උල්ලංඝනය වන බව ද පෙන්වා දෙන කරු ජයසූරිය මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නෙ, මෙම අශීලාචාර සීමා කිරීම සිදු කෙරෙන්නේ හුදු ඒකාධිපති රාජ්‍ය පාලනයක් තුළ පමණක් බවයි.
විශේෂයෙන්ම විදේශීය පුරවැසියන්ට රාජ්‍ය පාලනයට සම්බන්ධ වීම සඳහා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා සංශෝධනය කර ගැනීමට තම බලය උපරිම අන්දමින් යොදා ගත් පාලනයන් ගෙන ඇති මෙම තීරණය කිසිසේත්ම සාදාචාර සම්පන්න නොවන බවයි හෙතෙම සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අමතමින් මාධ්‍ය වෙත වැඩිදුරටත් කියා සිටියේ.
එබැවින් ශ්‍රී ලංකාව බාහිර සමාජය තුළ හාස්‍යයට පත් නොකරන ලෙසට ද හිටපු කථානායකවරයා අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |