දරුණු ගණයේ අපරාධකරුවකු වූ කරන්දෙණියේ රාජු දිවයිනට රැගෙන එයි
By Kaushi
ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ දරුණු ගණයේ අපරාධකරුවකු වන ‘කරන්දෙණියේ රාජු’ නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් මෙරටට රැගෙන විත් ඇත.
ඔහු මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ සිද්ධි රැසකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
එසේම ඉන්දීය ආරක්ෂක අංශ විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම මොහු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණිය සුද්දාගේ සහෝදරයෙකු වන බව ද වාර්තා වේ.