කපිල චන්ද්‍රසේන තවදුරටත් රිමාන්ඩ්

Report

ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් එයාර් බස් (Airbus) යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

ඒ අනුව ලබන මැයි මස 05 වනදා දක්වා ඔහු රිමාන්ඩ් භාරයේ පසුවනු ඇත.

රජයේ සේවය කළ මේ නිලධාරින්ට මෙතෙක් අහපු සුබම පණිවිඩය මෙන්න

රජයේ සේවය කළ මේ නිලධාරින්ට මෙතෙක් අහපු සුබම පණිවිඩය මෙන්න

මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය සලකා බැලූ අධිකරණය, සැකකරු නිදහස් නොකර තවදුරටත් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට සහ නීතිමය කටයුතු ඉදිරියට ගෙන යාමට මෙලෙස තීරණය කර තිබේ.

ජාත්‍යන්තර අවධානයට පවා ලක්වූ මෙම එයාර් බස් ගනුදෙනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයක් තුළ සිදු වූ දරුණුතම මූල්‍ය අක්‍රමිකතාවක් ලෙස සැලකෙන අතර, සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන වාර්තා ලබන නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සජබෙන් එජාපයට ඉල්ලීමක් - එජාපයෙන් බෑ කියයි

සජබෙන් එජාපයට ඉල්ලීමක් - එජාපයෙන් බෑ කියයි