භික්ෂූන් වහන්සේලා ගමන්ගත් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටී සිදුවුණු බිහිසුණු අනතුර..දර්ශන සහිතයි.. (VIDEO / PHOTOS)
කන්තලේ ප්‍රදේශයේදී වෑන් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් භික්ෂූන් වහන්සේලා සිව් නමක් ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
අද (17) සවස ත්‍රිකුණාමලය, කන්තලෙයි,නුවර පාර, 87 සැතපුම් ස්ථානයේ දී මෙම අනතුර සිදුව තිබේ. එනම්,හබරණ සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ ටිපර් රථයක් සහ සේරුවිල විහාරස්ථානයේ සිට ගම්පහ දෙසට ධාවනය වූ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
සේරුවිල විහාරස්ථානයේ ආගමික කටයුත්තක් සඳහා ගොස් ආපසු එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ හිමිවරුන් 10 නමක් ඇතුළු 19 දෙනෙකු වාහනයේ සිට ඇති බව පොලීසිය සඳහන් කළේය.
තුවාල ලැබූ භික්ෂූන් වහන්සේලාගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. කන්තලේ මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |








