තියුණු ආයුධ වලින් පහර දී කාන්තාවක් ඝාතනය කෙරේ

Sri Lanka Police Kandy Sri Lanka Crime
By Sithumi Aug 14, 2022 01:19 PM GMT
Sithumi

Sithumi

Report

මහනුවර, අම්පිටිය ප්‍රදේශයේ නිවසක තනිව සිටි කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කර තිබේ. අද (14) දහවල් කාලයේදී එම ඝාතන සිදුව ඇති බවට පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, අම්පිටිය පාර, මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ ඇත.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now