කඳාන සහ අවට ප්‍රදේශවල විශේෂ සෝදිසි – 300කට වැඩි පිරිසක් අත්අඩංගුවට

Report

කඳාන, ජා ඇල, වත්තල සහ රාගම ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය හා විවිධ නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයින් 300කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මෙහෙයුම ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ශ්‍රී ලංකා යුද හමුදාව සහ නාවික හමුදාව එක්ව සිදුකර ඇත.

ඊයේ (04) රාත්‍රිය පුරා මෙම හදිසි විශේෂ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක වූ අතර, එම ප්‍රදේශ ආශ්‍රිතව රථවාහන පරීක්ෂාවන් ඇතුළු මෙහෙයුම්ද ඒකකාලීනව සිදුකෙරිණි.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ දැනුම්දීමක්

මෙම විශේෂ සෝදිසි මෙහෙයුම, ශ්‍රී ලංකාවෙන් මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙළෙහි එක් පියවරක් ලෙස සිදුකර ඇත. මෙහිදී, මත්ද්‍රව්‍ය ජාවාරම, බෙදාහැරීම, සහ ඒ හා සම්බන්ධ අපරාධකාරී ක්‍රියාකාරකම් මර්දනය කිරීම ඉලක්ක කර තිබේ.

ඉදිරියේදී ද, මෙවැනි විශේෂ සෝදිසි මෙහෙයුම් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.

ජනපතිගේ ගජමිතුරා කුණුහරුපෙන් අමතයි

ජනපතිගේ ගජමිතුරා කුණුහරුපෙන් අමතයි

එමෙන්ම, මෙවැනි මෙහෙයුම් සාර්ථක කර ගැනීම සඳහා මහජනතාවගේ සහයෝගය ලබාදෙන ලෙසත්, එවැනි සහයෝගය මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඩලීමට ඉවහල් වන බවත් අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්