ඉරානයෙන් දරුණු තර්ජනයක් - මැදපෙරදිග සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත පහර දෙන බව කියයි
ඉරානය නිවේදනය කර ඇත්තේ ඊශ්‍රායල සහ අමෙරිකානු ප්‍රහාර දිගින් දිගටම පවතින්නේ නම් මැදපෙරදිග පිහිටි සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත පහර දෙන බවයි.
අමෙරිකාව සහ ඊශ්‍රායලය සිය ප්‍රධාන මධ්‍යස්ථාන වෙත දිගින් දිගටම පහරදීමට තීරණය කළ හොත් කලාපයේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන වෙත පහරදීමේ පියවර ගන්නා බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක ජෙනරාල් ඊබ්‍රහිම් ජබ්බාරි අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ දැනට හෝමුස් සමුද්‍ර සන්දිය වසා දැමූ බවත් මේ වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 80 ඉක්මවා ගොස් ඇති බැවින් මෙම එය ඉක්මනින් ඩොලර් 200 දක්වා ළඟා විය හැකි බවත්ය.