ඉන්ධන කෝටාව ලබා ගැනීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයාගෙන් ට්විටර් පණිවිඩයක්..

Kanchana Wijesekera Sri Lanka Fuel Crisis National Fuel Pass
By krishani Aug 14, 2022 05:59 AM GMT
krishani

krishani

Report

වාහන කිහිපයක් එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක් යටතේ ලියාපදිංචි කිරීමට අවසර ලබා දී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කරයි. 

ඒ අනුව රජයේ ආයතන, සංවිධාන සහ ව්‍යාපාරවලට එම අවස්ථාව හිමිවෙන අතර  එහිදී එක් දූරකතන අංකයකින් හෝ අංක කිහිපයකින් වාහන කිහිපයක් එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක් යටතේ ලියාපදිංචි කිරීමට ඉඩ ප්‍රස්තාව ලැබේ.

මේ අතර ගෙවුණු සතියේ පරිභෝජනය කෙරුණු ඉන්ධන ප්‍රමාණය ගැන සලකා බලා ලබන සතියේ දී වාහනවලට නිකුත් කරනු ලබන ඉන්ධන කෝටාවෙහි කිසියම් සංශෝධනයක් සිදු කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (14) තීරණය කෙරෙනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join