ඉන්ධන මිලෙහි දැනෙන වෙනසක් ජනතාවට..
අප්‍රේල් මාසයේ දී ඉන්ධන මිල සූත්‍රයට අනුව ජනතාවට සහනයක් ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ ය.
ඒ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් ය.
එම ප්‍රකාශය පහතින්,
"මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම අපි අඛණ්ඩව සිදුකරනවා.මිල සූත්‍රය ක්‍රියාත්මක වුණේ මාසයකට වතාවක්. ඒ මාසෙකට වතාවක් මාර්තු මාසයේදීත් ක්‍රියාත්මක වුණා.ඒ නිසා අපි අප්‍රේල් මාසයේත් ඒ මිල සූත්‍රය අනුව ක්‍රියාත්මක වෙනවා.
අපිට පේනවා බොරතෙල් මිල අඩුවෙනවා.රුපියල ශක්තිමත් වෙනවා පේනවා.ඒ නිසා ජනාධිපතිවරයාත් අපිට උපදෙස් දීලා තියෙන ආකාරයට අපි අප්‍රේල් මාසයේ සංශෝධනය කරනකොට අපි ජනතාවට කියනවා. ජනතාවට දැනෙන සහනයක් ඉන්ධනවලින් ලබාදෙන්න කටයුතු කරනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |
