පුද්ගලික ආරක්‍ෂක සාමාජිකයින් 150,000ක් ගැන ආරක්‍ෂක ලේකම් කියූ දේ.
Sri Lanka
Kamal gunarathne
Defence
Security in private institutions
By Aruna
පුද්ගලික ආරක්‍ෂක සේවාව මගින් ජාතික ආරක්‍ෂාවට අතිමහත් දායකත්වයක් ලැබෙන බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා.
පසුගිය කාලය තුළ ආරක්‍ෂක අවශ්‍යතා පුළුල් පරාසයක් දක්වා විකාශනය වීමත් සමඟ රටේ ජාතික ආරක්‍ෂාව සහතික කිරීම සඳහා පුද්ගලික ආරක්‍ෂක සමාගම් වැඩි දායකත්වයක් ලබා දෙන බවයි ලේකම්වරයා සදහන් කළේ.
කොළඹ පැවති ශ්‍රී ලංකා ආරක්‍ෂක සේවා සපයන්නන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් ජෙනරල් කමල් ගුණරත්න මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරිමේ කොටස්කරුවන් ලෙස 150,000 කට ආසන්න පුද්ගලික ආරක්‍ෂක ආයතනවල සාමාජිකයින් රටේ අනිවාර්ය අංගයක් බවට පත්ව ඇති බවද ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |