අභිරහස් ලෙස මිය ගිය පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අලුත්ම ආරංචිය මෙන්න.. (VIDEO)

Sri Lanka Police Sri Lanka Accident
By Aruna May 09, 2023 01:44 AM GMT
Aruna

Aruna

Report

අභිරහස් ලෙස මිය ගිය කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, කළුතර ඉසුරු උයනේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති 29 හැවිරිදි පුද්ගලයෙක්.

සැකකරු ගාල්ල ප්‍රදේශයේ සැඟව සිටින බවට කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාට ලද තොරතුරක් මත අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිලධාරීන් පිරිසක් හික්කඩුව ප්‍රදේශයේ දී වැටලීම කර ඇත.

ඒ අනුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙන අතර, කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බව වාර්තා වන්නේ.

මේ අතර ප්‍රධාන සැකකරු ගාල්ල, පානදුර සහ කළුතර ප්‍රදේශවල පදිංචි ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු දෙවැනි විවාහයෙන්ද පසු මෙම පාසල් සිසුවිය සමඟ ප්‍රේම සබඳතාවයක් ආරම්භ කර ඇත්තේ මීට මාස දෙකකට පමණ පෙර සිට බවයි වාර්තා වන්නේ.

මේ අතර මියගිය සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුතර නාගොඩ රෝහලේදී ඊයේ සිදුකෙරුණා.

එහිදී අනාවරණ වී ඇත්තේ ඇයගේ සුසුම්නාවට හානි සිදුවීමෙන් මෙම මරණය සිදුව ඇති බවයි.

මෙය ඝාතනයක්ද නැතහොත් සියදිවි හානිකරගැනීමක්ද යන්න සඳහන් නොකර විවෘත තීන්දුව එහිදී ලබාදී තිබුණා.

ඒ අනුව ඇයගේ ශරීර කොටස් රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවට සහ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර තිබේ.

මියගිය සිසුවියගේ දේහය ඊයේ නිවෙස වෙත රැගෙනවිත් තිබුණා.

මේ සිදුවීම පිළිබඳ ඇයගේ මව දැක් වූයේ මෙවන් අදහසක්. "හවස 5ට විතර පබාරා ඇවිත් කිව්වා දන්සලකට යන්න ඕනේ කියලා මෙයා එක්ක. මං කිව්වා දරුවට යන්න එපා කියලා.

දෙපාරක් ඇහුවා තුන්පාරක් ඇහුවා දරුවෙක් නිසා මං යන්න කිව්වා. මං කිව්වා ඊට පස්සේ ගිහිං ඉක්මනට එන්න කියලා.

දරුවා ආව නැති නිසා මං කෝල් කලා. ඊට පස්සේ කිව්වා අපි මේ දන්සලේ ඉන්නේ කියලා.

ඊට පස්සේ රෑ වුණ නිසා මං ආයේ කෝල් කලා. ඒ වෙලාවේ ෆෝන් එක වැඩ කළේ නෑ. ගෙදරට ඇවිත් හිටපු ඇඳුම පිටින් මෙයා ගියේ. අද විතරක් යන්නම් කියලයි එක්ක ගියේ.

පබාරා කියන යාලුවට මං කලින් කිහිප වතාවක්ම කියලා තියෙනවා ඔයා මෙහේ එන්න එපා මගේ දරුවට ඉගෙන ගන්න දෙන්න කියලා.

ඔය කියන දවසේ යන්න කලින් කිව්වා එක්ක යන්න එපා කියලා මෙයාව.

ඒ වෙලාවේ ඒ ලමයා කිව්වා ඇන්ටි මං අදින් පස්සේ එන්නේ නෑ කිව්වා. එතකොට එතන ලොකු ප්ලෑන් එකක් තිබිලා තියනවා.

පබාරගේ තනියට තමා මෙයාව එක්ක ගිහිං තියෙන්නේ. මගේ දරුවව විකුණලා තියෙන්නේ පාපතරයෙකුට.

මං දන්නේ නෑ එතන ඉන්න කිසිම කෙනෙක්. මං දන්නේ පබාරා විතරයි. පබාරගේ කොල්ලයි එයාගේ යාලුවෙකුයි තමයි මේ ඔක්කොම දේවල් කරලා තියෙන්නේ.

පබාරයි එයාගේ කොල්ලයි එකතු වෙලා මගේ ලමයාව විකුණලා තියෙන්නේ.

මේගොල්ලොන්ට නිසි දඬුවම් ලැබෙන්න ඕනේ" වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now