කොවිඩ් රෝගීන් ගෙන් පිරුණු මෙරට ප්‍රධානතම රෝහලක් ගැන නවතම අනාවරණයක් (VIDEO)...

Corona Channa jayasumana Kalubovila hospital
By Aruna Aug 09, 2021 06:43 AM GMT
Aruna

Aruna

Report

කළුබෝවිල ශික්ෂණ රෝහලේ කොවිඩ් ආසාදිත වාට්ටුවේ තදබදය සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය කළ අනාවරණය පිළිබඳව සොයා බැලීම සඳහා ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා එම ස්ථානයට ගොස් තිබේ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එය තාවකාලිකව ඇති වු තදබදයක් බවය.

“ඒක තාවකාලිකව ඇති වුණ තත්ත්වයක්. මොකද පීසීආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරලා වාට්ටුවට යවන තුරු තාවකාලිකව ඇතු වුණ තදබදයක්.

අද වන විට ක්‍රමානුකූලව යථාතත්ත්වයට පත්කරලා තියෙනවා.

දැනට රෝගීන් ප්‍රමාණයක් සිටිනවා නිවෙස්වල ප්‍රතිකාර ලබන ඒ වගේම තමයි කළුබෝවිල ශික්ෂණ රෝහල තුළ අලුතින් වාට්ටු දෙකක් හඳුන්වලා දීලා තියෙනවා කොවිඩ් -19 රෝගීන් සඳහා ඒ නිසා රෝගීන්ගේ තදබදයක් කළුබෝවිල රෝහලේ දක්නට නෑ.

මෘත ශරීරාගාරයේ විශේෂඥ අධිකරණ වෛද්‍යතුමත් සමඟ අපි සාකච්ඡා කළා.

මේ වන විට මෘත ශරීර එකතුවන තත්ත්වයත් කළුබෝවිල රෝහලේ දක්නට ලැබෙන්නේ නෑ. මෙතැන යම් ප්‍රශ්නයක් තියෙන්නේ ශීතාගාර 37කින් 20ක පමණ කොවිඩ් -19 නොවන රෝගීන්ගේ පැරණි මෘත ශරීර තියෙනවා හඳුනා නොගත්.

නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ඒවා ආදාහනය හෝ භූමදානය කිරීමට මේ සතියේ දී කටයුතු කරනවා.”

මේ අතර සංචරණ සීමා නිදහස් කිරීමක් රට තුළ සිදුනොකළ බවත් ජනතාවගේ පහසුව වෙනුවෙන් ඇතැම් නීති හඳුන්වා දුන් බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, සියලුදෙනා සාමුහිකව රට තුළ පවතින තත්ත්වයට මුහුණදිය යුතු යැයි ද කියා සිටියේය.

වෘත්තීය සමිති උද්ඝෝෂණ නවත්වා දමමින් රටේ තත්ත්වය තේරුම් ගෙන ක්‍රියාකිරීම පිළිබඳ ඔවුන්ට ස්තූතිය පුදකරන බවත් ඉදිරියට එන සති තුන ඉතාමත් තීරණාත්මක වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now