“...එකෙක් පැය 36කට වඩා කුසට අහරක් නැතුව. අනිකා යටිපතුල් පැළෙනකම් තාර පාරෙ දවස් දෙකක්.. ජෙහාන් උඹ එනකම් කළණ නැගිටින්නෙ නෑ...” - අරගල භූමියෙන් ඇසෙන හද කකියවන කතාව..(VIDEO/ PHOTOS)
ආණ්ඩුවට එරෙහි නිර්පාක්ෂික අරගලයට කලාකරුවන් බොහෝ දෙනෙක් එකතුව ඉන්න බව රහසක් නෙවෙයි. එවන් මොහොතක, දැන් සමාජ මාධ්‍ය ඔස්සෙ වැඩිපුරම කතාබහට ලක්වන රංගන ශිල්පින් දෙන්නෙක් ඉන්නවා.
ඒ, එක්කෙනෙක් කළණ ගුණසේකර.. අනිත් කෙනා, ජෙහාන් අප්පුහාමි..
පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉල්ලා කළණ මේ මොහොතේ ඉන්නෙ උපවාසයේ.. ජෙහාන් තාර පාරේ.. (මේ වෙනකොට ඔහු පල්ලියට ඇවිත් කියා ආරංචියි.) මේ තියෙන්නෙ මේ දෙන්නා ගැන, මුහුණු පොතෙන් අපිට හමුවූ සටහනක්...
කළණ අයියා, ජෙහාන් උබල මේක අතාරින්නෙ නෑ.. මේ හයිය කොයින්ද උබලට... එකෙක් පැය 36කට වඩා කුසට අහරක් නැතුව. අනිකා යටිපතුල් පැළෙනකම් තාර පාරෙ දවස් දෙකක්.. කවදාවත් නොදැකපු මිනිස්සුන්ට සාධාරණේ ඉල්ලන උබල නිකම්ම කලා කාරයො නෙවෙයි.. ජෙහාන් උබ එනකම් කළණ නැගිටින්නෙ නෑ... අපේ හයියත් උඹලට දෙන්න ඇත්නම්...දරයි හද පතුලෙන්ම... ඔබලාගේ මේ කැපකිරීමෙක් මියගිය උන්ගෙ ආත්ම වලට සැනසීම ලැබේවා... සියලු දෙවි රැකවරණ සැමවිට උබල ලගින්ම..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |






