පියා සහ දියණිය දුම්රියට පැන සියදිවි හානිකරගත් අවාසනාවන්ත පුවතක්(PHOTOS).

Report

කන්තලේ - රජඇල ප්‍රදේශයේ දී ත්‍රිකුණාමලය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියට පැන පුද්ගලයෙකු තම දියණිය සමඟ සියදිවි හානිකර ගෙන තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

කන්තලේ පොලිසියට ලද තොරතුරක් මත මේ පිළිබඳව විමර්ශන සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

මෙලෙස මියගිය ගොස් ඇත්තේ වයස අවුරුදු 38ක පුද්ගලයෙක් හා ඔහුගේ අවුරුදු 06ක දියණියක් වන අතර, මොවුන් කන්තලේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මියගිය පුද්ගලයාගේ බිරිඳ අනියම් සම්බන්ධතාවයක් පවත්වන බවට දැන ගැනීමෙන් පසු සිත් තැවුලට පත්ව මෙලෙස දියණිය සමඟ සියදිවි හානි කරගෙන ඇති බවයි.

මේ පිළිබඳව කන්තලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

අනියම් පෙම ගෙනා සිත් තැවුලෙන් සිදුකර ගත් අකරතැබ්බ..

අනියම් පෙම ගෙනා සිත් තැවුලෙන් සිදුකර ගත් අකරතැබ්බ..


GalleryGalleryGalleryGallery