රටම එකට' ජාතික මෙහෙයුමෙන් විශාල ජයග්‍රහණයක් - පුනරුත්තාපන කාර්යාංශයේ කොමසාරිස් ජනරාල්ගෙන් හෙළිදරව්වක්
By Kanchana
පුනරුත්තාපන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ පුද්ගලයින් යළි මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමේ සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කරන බව පුනරුත්තාපන කාර්යාංශය පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් බ්‍රිගේඩියර් එම්.එස්. හමීඩ් මහතා සඳහන් කළේ, පසුගිය වසරට සාපේක්ෂව යළි මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමේ ප්‍රතිශතය සියයට 13ක් දක්වා අඩු වී ඇති බවයි.
'රටම එකට' ජාතික මෙහෙයුම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ඊයේ (05) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බ්‍රිගේඩියර් එම්.එස්. හමීඩ් මහතා මේ බව ප්‍රකාශ කළේය.