දින 14කට බද්දේගම දිසා අධිකරණයෙන් ලබා දුන් අමුතු නඩු තීන්දුව මෙන්න.

Police Sri Lanka Galle Political Southern provincial Baddegama district court
By Aruna Dec 29, 2021 10:41 AM GMT
Aruna

Aruna

Report

අවිධිමත් බලපත්‍ර මත මහජන පීඩාව ඇතිවන අයුරින් පවත්වාගෙන ගිය තල්ගස්වල ගල් කොරියක සියළු කටයුතු දින14 කට අත්හිටුවීමට බද්දේගම දිසා අධිකරණ විනිසුරු හරීස් පැල්පොල මහතා විසින් නියෝග කොට ඇති බව බද්දේගම දිසා අධිකරණයෙන් වාර්ථා වේ.

මෙහීදී වැඩිදුරටත් කරුණු දැක්වු ගරු විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේ, මහජන පීඩාව යන්න දණ්ඩ නීති සංග්‍රහයට පමණක් නොව සිවිල් නීතියට ද විශය වන්නක් බවයි.

ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සුනිල් අබේරත්න මහතා විසින් පවරා තිබූ මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූයේ නීතිඥ චතුර විතානගේ මහතාය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now