විභාග ප්‍රශ්න පත්‍රයක් සම්බන්ධයෙන් ජෝශප් ස්ටාලින්ගෙන් ප්‍රකාශයක්..

Ministry of Education Department of Examinations Sri Lanka Sri Lankan Schools Education
By Aruna Nov 13, 2024 05:09 AM GMT
Aruna

Aruna

Report

මතුගම සී.ඩබ්.ඩබ්. කන්නන්ගර විද්‍යාලයේ දෙවන වාර පරීක්ෂණයේදී උසස් පෙළ දරුවන්ට බෙදා දී ඇති පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයට ජාතික ජන බලවේගයට සම්බන්ධ ප්‍රශ්න 5ක් ඇතුලත් වීම විශාල ගැටලුවක් කර ගතයුතු නැතැයි ලංකා ගුරු සංගමය පවසනවා.

වාර විභාගවල ප්‍රශ්නපත්‍ර කලාප අධ්‍යාපන කාර්යාල හරහා ලබා දෙන්නේ නම් මෙවැනි ගැටලු ඇති නොවනු ඇති බවයි, එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පෙන්වා දෙන්නේ.

අද සිට දිවයින පුරා සියලුම පාසල් වලට නිවාඩු දෙයි.. යළි ආරම්භ වන දිනය ගැනත් දැනුම්දීමක්..

අද සිට දිවයින පුරා සියලුම පාසල් වලට නිවාඩු දෙයි.. යළි ආරම්භ වන දිනය ගැනත් දැනුම්දීමක්..


නිසි ක‍්‍රමය අනුව පළමු වාර විභාගයේ ප්‍රශ්න පත්‍රය පාසලෙනුත්, දෙවැනි වාරයේ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් සහ තෙවැනි වාර විභාගයේ ප්‍රශ්න පත්‍රය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ලබා දිය යුතු බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

ලේකම්වරයා තව දුරටත් පැවසුවේ, ඉන් බැහැරව එම ක්‍රියාවලිය කරන්නේ නම් එහි වගකීම ප්‍රශ්න සෑදූ ගුරුවරුන්ට පවරන්නේ නැතුව අධ්‍යාපන බලධාරීන් බාර ගත යුතු බවයි.

ReeCha