හිටපු අමාත්‍ය ජොන්ස්ටන්ට එරෙහි නඩුවකට අද අධිකරණය දුන් නියෝගය..

By krishani Jan 27, 2023 06:59 AM GMT
Report

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බව විත්තිය විසින් මතුකළ මූලික විරෝධතාවක් අද (27) කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

අදාළ චෝදනා විභාග කිරීමට තම අධිකරණයට බාධාවක් නොමැති බව පැවසූ විනිසුරුවරයා නඩු විභාගය මැයි මස 10 වනදා පැවැත්වීමටත් එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙස නියෝග කළේ ය.

අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනුකර ඇත්තේ වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙද වූ බවට ඔහු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව  චෝදනා කරමින්‍ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join