ජොන්ස්ටන් ට එරෙහි නඩුවට සිදු වූ දේ..
අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව, වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් එම ආයතනයෙන් නිල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන ක්‍රියාවල යෙදීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කොට ගොනුකර තිබෙන නඩුවක් පෙබරවාරි මස 21 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
මෙම නඩුව අද (20) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී විත්තියේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවට අදාළව තමන් විසින් ගොනුකර තිබෙන මූලික විරෝධතාවලට අදාළව වැඩිදුරටත් ලේඛන ඉදිරිපත් කිරීම සඳහා හැකිනම් දිනයක් ලබාදෙන ලෙසය.
එම ඉල්ලීමට ඉඩදුන් විනිසුරුවරයා නඩුව නැවත පෙබරවාරි මස 21 වනදා කැඳවන ලෙස නියම කළේය. 2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතන සේවකයින් එම ආයතනයේ රාජකාරිවලින් ඉවත්කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු, එම ආයතනයේ හිටපු සභාපති ජෙරාඩ් ප්‍රනාන්දු, සහ එහි හිටපු අධ්‍යක්ෂවරයකු වන මොහොමඩ් සාකීර් යන අයට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
