තවත් රට රැකියා සිහින දකින්නන් පිරිසකගේ සිහිනය සැබෑ වෙයි..

Manusha Nanayakkara Sri Lanka Politician Sri Lanka Israel
By krishani Jun 09, 2023 11:23 PM GMT
krishani

krishani

Report

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා වරම් ලැබූ ශ්‍රි ලාංකිකයින් දසදෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම සිදු විය.

ඒ ඊයේ (09) කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී ය.

60 වන ශ්‍රමික කණ්ඩායම ලෙස එම පිරිස 13 වන දා ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතයි.

ඒ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2020 වසරේ ඇතිකර ගත් ගිවිසුම ප්‍රකාරව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමි වූයේ.

එමෙන්ම 2022 අප්‍රේල් 28 දින සිට මේ දක්වා ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 372 ක් සඳහා ඊශ්‍රායලයේ රැකියා වරම් හිමි විය.

මේ ආකාරයට මෙම වසර තුළ දී ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා අවස්ථා 2000 ක් සදහා වන රැකියා කෝටාවක් ලබාදීමට ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය එකගතාවය පළ කර ඇත.

මේ අතර ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රි ලාංකිකයින්ට හිමි වන්නේ.

කෙසේවෙතත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වලකින ලෙස යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join