ගුවන් යානයක් සහ හෙළිකොප්ටර් යානයක් ඉහළ අහසේදී ගැටී සිදු වූ බිහිසුණු අනතුර..කඩා වැටෙන අයුරුත් පටිගත වෙයි.(VIDEO)

By Aruna Jan 30, 2025 07:44 AM GMT
Report

අමෙරිකානු කලාපීය ජෙට් යානයක් රේගන් වොෂින්ටන් ජාතික ගුවන්තොටුපළට ළඟා වෙමින් සිටියදී සිකෝර්ස්කි එච් -60 හෙලිකොප්ටරයක් ​​සමඟ ගුවනේදී ගැටී තිබෙන පුවතක් වාර්තා වනවා.

අමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය පැවසුවේ, පීඑස්ඒ ගුවන් සේවයේ කලාපීය ජෙට් යානය කැන්සාස් හි විචිටා සිට පිටත්ව ගිය යානයක් බවය.

මෙරටදී පිලිගැනීමේ නිලධාරිනියක් විදෙස් තරුණයින් පිරිසක් විසින් පිහිනුම් තාටාකයකට උස්සල වීසි කරයි..ඇයට සිදු වූ දේ.

මෙරටදී පිලිගැනීමේ නිලධාරිනියක් විදෙස් තරුණයින් පිරිසක් විසින් පිහිනුම් තාටාකයකට උස්සල වීසි කරයි..ඇයට සිදු වූ දේ.


අනතුරට පත් ජෙට් යානයේ මගීන් 65 දෙනෙකු දක්වා ගමන් කළ හැකි බව සඳහන් වනවා.

අමෙරිකානු ගුවන් සේවයේ වෙබ් අඩවියට අනුව, අනතුර සිදුවූ ගුවන්තොටුපළට මායිම්ව ඇති පොටොමැක් ගඟේ මේ වන විට සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රොයිටරිස් පුවත් සේවය පවසන්නේ, මෙහෙයුමට බහුවිධ ආයතන සම්බන්ධ වී ඇති නමුත් ජීවිත හානි පිළිබඳව ක්ෂණික ආරංචියක් නොමැති බවයි.

කෙසේ වෙතත් රේගන් වොෂින්ටන් ජාතික ගුවන්තොටුපළේ සියලුම ගුවන්ගත කිරීම් සහ ගොඩබෑම් නවතා දමා ඇති බව ද වාර්තා වනවා.

ත්‍රීරෝද රථයක් හප්පගෙන ගිය පොලිස් ජිප් රථය ගැන තොරතුරු හෙළි වෙයි.සම්පූර්ණ වීඩියෝව මෙන්න.(VIDEO)

ත්‍රීරෝද රථයක් හප්පගෙන ගිය පොලිස් ජිප් රථය ගැන තොරතුරු හෙළි වෙයි.සම්පූර්ණ වීඩියෝව මෙන්න.(VIDEO)


අමෙරිකානු ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය පවසා ඇත්තේ සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු රැස් කරමින් සිටින බවය.

මෙතනින් අදාල වීඩියෝව නරඹන්න👇