ජෙරම් ප්‍රනාන්දුගේ රිට් පෙත්සම ඉල්ලා අස්කර ගනී..
Sri Lanka
By krishani
ජෙරම් ප්‍රනාන්දු විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස් කරගෙන තිබෙනවා.
ඒ අද (21) එම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.
ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටි අතර එහිදී එම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අධිකරණය අවසර දෙන ලදී.
කෙසේවෙතත්, ඔහුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණයක් සිදු කරයි.
ඒ හේතුවෙන් එම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා විසින් මීට පෙර අභියාචනාධිකරණය හමුවේ දැනුම් දී ය.