මවක් ලෙස පළමු වරට විශ්ව රූ රැජින කිරුළ 27 හැවිරිදි ජෙනිෆර් බැරෙටෝ දිනා ගනී [VIDEO]

Report

2026 වසරේ විශ්ව රූ රැජින (Miss Universe) කිරුළ දිනා ගැනීමට පුවර්ටෝ රිකෝ රාජ්‍යය නියෝජනය කළ 27 හැවිරිදි ජෙනිෆර් බැරෙටෝ (Jennifer Barreto) සමත්ව තිබේ.

විශේෂත්වය වන්නේ විශ්ව රූ රැජින ඉතිහාසයේ එම කිරුළ දිනාගත් පළමු මව බවට ද ඇය පත්වීමයි.

75 වැනි වරට පැවැති මෙවර විශ්ව රූ රැජින තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් 24 වැනිදා පුවර්ටෝ රිකෝහි සැන් ජුවාන් නුවරදී පැවැත්වුණි.

එහිදී රටවල් සහ කලාප 110කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් තරගකාරියන් 117 දෙනෙකු එක්ව සිටියහ. වෘත්තියෙන් මනෝවිද්‍යාඥවරියක සහ සමාජ සේවිකාවක වන ජෙනිෆර්ට පෙනෙලෝප් නමැති දියණියක ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මවක් ලෙස පළමු වරට විශ්ව රූ රැජින කිරුළ 27 හැවිරිදි ජෙනිෆර් බැරෙටෝ දිනා ගනී  | Jennifer Barretto Makes History As A Mother At 27

මෙම ජයග්‍රහණයත් සමඟ පුවර්ටෝ රිකෝ රාජ්‍යය වෙනුවෙන් විශ්ව රූ රැජින කිරුළ දිනාගත් හයවැනි තරගකාරිය බවට ඇය පත්වීම ද විශේෂත්වයකි. ඇයට කිරුළ පැළඳවීම සිදුකරනු ලැබුවේ 2025 වසරේ විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳි මෙක්සිකෝවේ ෆාතිමා බොෂ් විසිනි.

හිජාබය නැතිව ගැයූ ගීතයට කස පහර 74ක් - යුද්ධය මැදත් ඉරානයෙන් දැඩි දඬුවම්

හිජාබය නැතිව ගැයූ ගීතයට කස පහර 74ක් - යුද්ධය මැදත් ඉරානයෙන් දැඩි දඬුවම්

මෙවර තරගාවලියේදී ජෙනිෆර්ට හිමිවූ කිරුළ ද විශේෂ අවධානයක් දිනාගෙන තිබේ. එය "The Radiance of an Eternal Legacy" ලෙස නම් කර ඇති අතර, කැරට් 18ක සුදු රත්‍රන්වලින් නිර්මාණය කර දියමන්ති 3,150කින් අලංකාර කර ඇත.

අවසන් තරගයේ හොඳම තරගකාරියන් පස්දෙනා අතරට පිලිපීනය, නවසීලන්තය, වෙනිසියුලාව සහ ඩොමිනිකන් ජනරජය නියෝජනය කළ තරගකාරියන් ද එක්ව සිටියහ.

මේ අතර, මෙවර තරගාවලියට එක්වූ තරගකාරියන් අතරින් 22 දෙනෙකු පශ්චාත් උපාධිධාරිනියන් වන අතර, වෛද්‍යවරුන් පස්දෙනෙකු සහ මව්වරුන් දසදෙනෙකු ද ඒ අතර සිටීම කැපී පෙනේ.

එමෙන්ම 2027 වසරේ පැවැත්වීමට නියමිත 76 වැනි විශ්ව රූ රැජින තරගාවලිය ද පුවර්ටෝ රිකෝහිදී පැවැත්වීමට නියමිත බව සංවිධායකයන් නිවේදනය කර තිබේ.

ට්‍රම්ප් වගේම පෙනුමක් ඇති පුද්ගලයෙකු සමඟ කැනඩා අගමැති එකම වේදිකාවේ - සභාවම හිනාවෙන් පිරි යයි

ට්‍රම්ප් වගේම පෙනුමක් ඇති පුද්ගලයෙකු සමඟ කැනඩා අගමැති එකම වේදිකාවේ - සභාවම හිනාවෙන් පිරි යයි