මගේ බිරිඳ අවුරුදු 19 ක රූමත් තරුණියක් වගේම දක්ෂ නිරූපණ ශිල්පිනියක් - ජයසේකට අපෝන්සු කියපු කතාව (PHOTOS)

By Sithumi Jan 15, 2022 05:21 PM GMT
Sithumi

Sithumi

Report
105 Shares

ජයසේකර අපොන්සු කියන නම ලංකාවේ බොහෝ ලෙස ප්‍රසිද්ධ වී ඇත්තේ විකට නළුවෙකු ලෙසින්. වේදිකා නාට්‍ය ඔස්සේ සිය රංගන ගමන් මඟ ආරම්භ කරන ඔහු පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේ ද අපට දක්නට ලැබුණු ආදරණීය කලාකරුවෙක්. 

ඉස්සර අපිට ඔහුව නිතර නිතර රූපවාහිනියෙ දකින්නට පුළුවන් වුවත් මෑතකදී ඔහුව ඒ තරමටම නිර්මාණ වලින් දකින්නට හැකි වන්නේ නැහැ. පසුගිය දිනකදී ඔහු වසංගත රෝගයට ගොදුරු වී සිටියා. මේ වන විට එයින් සුවය ලබා තිබෙන ඔහු නැවතත් රංගන කරළියට ඒමට සූදානම් බව තමයි අපට දැනගන්නට ලැබෙන්නේ. 

පසුගිය කාල වකවානුව තුළදී ඔහු මෙම කලා ක්ෂේත්‍රය පිළිබඳව ඉතාමත්ම කලකිරීම කතා කළා. ඒ ඔහු පවසා සිටියේ මෙම කලා ක්ෂේත්‍රය තුළට ඔහු විශාල කැපකිරීම් සමූහයක් කර ඇති බවත් ටෙලි නාට්‍ය සහ චිත්‍රපට වලට ඔහුට ලැබෙන ආරාධනා ප්‍රමාණය ඉස්සරට වඩා අඩු වී ඇති බවත් ය. ඔහු පිළිබඳව සමාජයේ වැඩි වශයෙන්ම කතාබහට ලක් කෙරුනේ ඔහුගේ විවාහයන් නිසයි. 

මේ වන විට ඔහුට වඩා වයසෙන් ගොඩක් බාල තරුණියක් සමග ඔහු සාර්ථක ලෙස යුගදිවි ගත කරනවා. ඔහු පසුගිය දිනකදී අපූරු වැඩකට සම්බන්ධ වෙලා සිටිනවා කියලා අපට ආරංචි වුනා. එහිදී ඒ පිලිබදව ඔහු ඔහුගේ මුහුණ පොත ඔස්සේ අපූරු සටහනක් පළ කරලා තිබුණා.මම රගපාන්ඩ ගියානේ චිත්‍රපටයක. මට මේකට ආරාධනා කරේ සහෝදර උදය කුමාර මහතා. ඔහු කිව්වේ ඔන්න අපොන්සු මේ චිත්‍රපටයේ ඔයා හීරෝ කියලා. 

මට සිහිනයක්නේ හීරෝ. අපේ නිෂ්පාදක වරුන්ට ඕන උනේ හීරෝ ට රංගණයේ අති දක්ෂයෝ නෙමෙයි නේ ඉතින්. මේ චිත්‍රපට යේ නම කිව්වෙත් නෑඇහුවෙත් නෑ. 

මේක මාර කතාන්දරයක් හරීම රසවත් සිද්ධි වලින් කතා රසය ප්‍රේක්ෂකයා ට ඉහළින්ම ලැබෙයි ස්තීරවම. මට හිතෙනවා කොරෝනා උවදුර නිසා පාලුවෙච්ච සිනමා ශාලා වලට HOUSE FULL බෝඩ් එක එල්ලංඩ වෙයි දේශපාලඥ්ඥයංට මේකේ පක්ෂභේදයෙන් තොරව හින්ට් වැදෙනවා. 

 මගේ බිරිද වයස 19ක රූමත් තරුණියක්(ඩ යනා) මේ සදහා මාලක තෝරාගෙන ඉන්නෙ රින්සි පෙරේරා මොඩ්ලර් කෙනෙක් ඇය දක්ෂ නිරූපණයයක් කරනවා මට කාලෙකට පස්සෙ කුසුම් මල් දෙණිය මුණ ගැහුනා ඇය ඉතාමත් දක්ෂ යි ඩයනාගෙ මව ඇයයි අද ඩයනා එක්ක මම ගීත දර්ශණයක් කරනවා.

කෙටියෙන් සරල ව මේක සිනහා සාගරයක් වෙයි.යනුවෙන් තමයි ඔහු සනිටුහන් කරලා තිබුණේ. ඉතින් ඔහුගේ ඉදිරි බලාපොරොත්තු සියල්ලම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery
ReeCha