ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගේ රියදුරා අද අධිකරණයට..

Government Employee Sri Lanka Accident
By Aruna Feb 15, 2025 03:26 AM GMT
Aruna

Aruna

Report

ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඞ් ෆයිසාල් ගමන් කළ මෝටර් රථය අනතුරට පත් වී පුද්ගලයෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට මෝටර් රථයේ රියදුරා අද මාරවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පොලිසිය කියා සිටියේ සැකකාර රියදුරා ඊයේ වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කළ බවයි. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව මොහොමඩ් ෆයිසාල් මන්ත්‍රීවරයා ඊයේ මුදාහැරුණු අතර අත්අඩංගුවට ගත් රියදුරා මන්ත්‍රීවරයාගේ ඥාති සොහොයුරෙකු බවටයි අනාවරණය වී තිබෙන්නේ.

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ


ඊයේ පැවති පාර්ලිමේන්තු විශේෂ සැසිවාරයට පැමිණෙමින් සිටියදී මන්ත්‍රීවරයා ගමන් ගත් රථය අනතුරකට ලක්ව තිබුණේ වෙන්නප්පුව - කොස්වත්ත - හාල්දඩුවන ප්‍රදේශයේදීය.

ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී සිදු වූ එම අනතුරින් 65 හැවිරිදි වෙන්නප්පුව - පතහවත්ත ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණි.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාගේ ඥාති සහෝදරයා 36 හැවිරිදි මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මෙම අනතුර සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ, රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇත.

You May Like This Video


ReeCha