මන්ත්‍රීවරු මුදලට විකිණුනාද ? ආණ්ඩුව නෑ කිව්වට ඔප්පු කරන්න පුලුවන්ද ? - මහාචාර්ය නිර්මාල් රංජිත්
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය රහස් ඡන්දයකින් තේරීමේ අවස්ථාව සම්බන්ධයෙන් ආණ්ඩුවට විශාල වියදමක් භාර ගැනීමට සිදු වී ඇතැයි මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සඳහන් කරයි.
මෙවැනි අවස්ථාවක රහස් ඡන්දයක් පැවැත්වීම නුසුදුසු කාරණාවක් බවත්, එමඟින් දේශපාලන ආචාරධර්ම සහ නීතිමය සාධාරණත්වය පිළිබඳ ගැටලු ඇතිවිය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.
පොදු ඡන්දයක් රහස්ව පැවැත්වුණු වුවද, එය හෘද සාක්ෂිය අනුව සිදු වුණා යැයි පැවසිය නොහැකි අතර, ජනතා නියෝජිතයන් හෘද සාක්ෂියට අනුව ක්‍රියා නොකරන බවද මහාචාර්ය දේවසිරි අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ දේශපාලනයේ මුල් බැස ඇති ප්‍රථිපලයක් ලෙස ජනතා නියෝජිතයන් මුදලට මිලට ගැනීමේ සංස්කෘතියක් ඇති බවත්, ආණ්ඩුව එය සිදු නොකළ බව කියත් ද ඒ පිළිබඳව තහවුරු කළ නොහැකි බවත් ඔහු සදහන් කරයි.
මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෙම අදහස් පළ කර ඇත්තේ තම අන්තර්ජාල නාලිකාවේ නිකුත් කළ වීඩියෝ පණිවිඩයක් ඔස්සේය.
