ජපානයෙන් මෙරටට සුඛෝපභෝගී වාහන ආනයනය කරයි..සියලු විස්තර මෙතනින් බලන්න.(PHOTOS)

Sri Lanka Japan Sri Lanka Relationship Japan Electric Vehicle
By Aruna May 11, 2023 11:24 PM GMT
Aruna

Aruna

Report

වාහන අමතර කොටස් මුවාවෙන් ජපානයෙන් නීතිවිරෝධී ලෙස ආනයනය කළ වාහන ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම කන්ටේනරයේ තිබී ජීප් රථ හතරක් සහ මෝටර් රථයක් අත්අඩංගුවට ගත් බවයි.

ජපානයෙන් සුඛෝපභෝගී වාහන ආනයනය

රේගු නිලධාරීන්ගේ විමර්ශනය මෙම වාහන 5 රුපියල් කෝටි 10ක් පමණ වටිනා ඒවා බවත් අවසන් තක්සේරුව මේ වන විට ලැබෙමින් පවතින බවත් නිලධාරියෙක් කියා සිටියා.

මෙම මෝටර් රථ 5 ශ්‍රී ලංකා රේගුවට වාහන අමතර කොටස් ලෙස ප්‍රකාශ කර ආනයනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.

මෙලෙස ජපානයෙන් නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද සුඛෝපභෝගී වාහන අමතර කොටසක් පහත ඡායා රූපයෙන්,


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGallery