දිවයින පුරා ජනවාරියේ සිට කරන්න යන විශේෂ දේ මෙන්න
දිවයින පුරා ඇති සියලුම ත්‍රීවිල් රත මිටර් ටැක්සි බවට පත් කිරිම ලබන ජනවාරියේ සිට ඇරබීමට කටයුතු යොදා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුනුගම මහතා මහනුවරදි පැවැසිය.
අමාත්‍යවරයා මෙසේ පවැසුයේ මහනුවර සිට සරසවි උයන දක්වා ද්විත්ව දුම්රය මාර්ගයක් ඇරබිමේ උත්සව අවස්ථාවට සහභාගිවෙමිණි.
ත්‍රීවිල් රථ සදහාද අයවැයෙන් ප්‍රථම වතාවට වෙන් කල බවත් ඔවුන්ගේ සුභ සිද්ධිය ගැන බලන අතර එලෙසම ජනතාවට පහසුකම් ලබාදිය යුතු බවද අමාත්‍යවරයා කිය.
ජනවාරි 1 වනදා සිට බස්නාහිරින් ත්‍රිවිල් රථ මිටර් ක්‍රමයට ඇරබිම ආරම්භ කරන අතර මාස තුනක් තුල දිවයිනේ සියලුම ත්‍රිවිල් රථ මිටර් ටැක්සි බවට පත් කිරිම සදහා ගැසැට් පත්‍රය ගසා ඇති බවත් එය ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක කරනු ලබන බවද අමාත්‍යවරයා පැවැසිය.
මෙම ක්‍රමය දැනුවත් කිරිම සදහා කාලයක් ලබා දි ඇති බවත් දිවයිනේ සියලුම රථ මිටර් ක්‍රමයට අරබන අතර එය නොකරන අය සදහා නිති මාර්ගයෙන් කටයුතු කිරිමට නිතිද සකසා ඇති බව දිලුම් අමුනුගම මහතා එහිදි කිය.
ත්‍රීල් රථ මගින් හොද සේවයක් සපයනු ලබන බවත් එලෙසම ජනතාවටද යම් සහනයක් ලැබිය යුතු බවත් ත්‍රිවිල් රථ මගින් රාත්‍රිෙය්දි විශාල මුදලක් ජනතාව අපහසුතාවයට පත් කරන ආකාරයට මුදල් අය කරනු ලබන බවත් මෙම ක්‍රමය මගින් සියල්ලන්ටම හොද සේවාවක් ලැබෙන බවද අමාත්‍යවරයා කිය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |