ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ගැන දුක්බර ආරංචියක්..සිදු වූ දේ මෙන්න.

Sri Lanka Accident
By Aruna Oct 25, 2022 01:21 AM GMT
Aruna

Aruna

Report
125 Shares

හදිසි අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා දැනට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ මතක ශක්තිය අඩපණ වීමේ අවදානමක් පවතින බව ජාතික රෝහලේ වෛද්‍යවරු පවසනවා.

දිගු කලක් සිහිසුන්ව සිටීම නිසා මොළයට ගමන් කරන ඔක්සිජන් සහ රුධිරය ප්‍රමාණය අවම වීම නිසා මෙම තත්ත්වය හටගන්නා බව වෛද්‍යවරු අවධාරණය කරයි.

ඇදක් මත එකම ඉරියව්වකින් දිගු කාලයක් සිටීම නිසා සිරුරේ පිට ප්‍රදේශයේ තුවාල ( bed sources ) හටගැනීමේ අවදානමක් ද පවතින බවත් ඒ සදහා ප්‍රතිකාර කිරීම සිදු කරන බව ද සදහන් කරයි.

ඉකුත් ජූලි මස 02වැනිදා රාත්‍රියේ දී අනුරාධපුර තලාව ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරින් ජැක්සන් ඇන්තනී මහතා බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha