ලොව දූෂිතම නගරය ගැන අනාවරණයක්.

Indonesia
By krishani Aug 20, 2023 04:06 PM GMT
krishani

krishani

Report

ලොව දූෂිතම නගරය බවට ජකර්තා නගරය පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ පසුගියදා ඉන්දුනීසියාවේ ජකර්තා අගනගරය ලොව වායු දූෂණය ඉහළම නගරය බවට පත් විමෙන් ය.

ඒ වායු දූෂණය මැනීමේ නිරත ස්විස් තාක්ෂණ සමාගමක් සිදුකළ පර්යේෂණයකට අනුවයි.

ලොව දූෂිතම නගරය බවට ජකර්තා පත්වීමට පෙර සිටම අගනුවර පැවත ඇත්තේ අතිශය දූෂිත වායු තත්ත්වයක් ය.

එවන් පසුබිමක් තුළ ඉන්දුනීසියානු ජනාධිපති විඩෝඩෝ මාසයක පමණ කාලයක සිටි කැස්ස රෝගී තත්ත්වයෙන් පීඩා විඳින බව වාර්තා වේ.

මෙම රෝගී තත්ත්වයට හේතුව පිළිබඳව වෛද්‍යවරුන් පවසන්නේ ජකර්තා නුවර පවතින වායු දූෂණය බවයි.

මෙම නගරය ආසන්නයේ පිහිටුවා ඇති කර්මාන්තශාලා මෙන්ම රථ වාහනවලින් විමෝචනය කෙරෙන වායු, ජීව වායු, ගල් අඟුරු දහනය වැනි දෑ වායු දූෂණ තත්ත්වයට හේතු වී ඇත.

කෙසේ වෙතත්, වායු දූෂණය පාලනයට කටයුතු කරන මෙන් එරට අධිකරණය රජයට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ReeCha