විශ්වවිද්‍යාලයක් හදිසියේම කළහකාරි වෙයි..31කට පංති තහනම්
Jaffna
Crime Branch Criminal Investigation Department
Crime
Education
By Sithumi
යාපනය විශ්වවිද්‍යාලයේ කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියට සම්බන්ධ සිසුන් 31 දෙනෙකුගේ පන්ති තහනම් කර තිබෙනවා.
විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා ව්‍යාපාර පීඨයේ සිසුන් 31 දෙනෙකු සඳහා මෙම තහනම පනවා ඇති බව වාර්තා වනවා.
පසුගිය සිකුරාදා දිනයේ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සහ තෙවන වසරේ සිසුන් දෙපිරිසක් අතර ආරවුලක් ඇතිවූ අතර පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වී තිබුණු අතර අදාළ ගැටුම සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනයකින් අනතුරුව එම සිද්ධියට සම්බන්ධ බවට හඳුනාගත් දෙවන වසරේ සිසුන් 16 දෙනෙකුට සහ තෙවන වසරේ සිසුන් 15 දෙනෙකුට විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළු වීම තහනම් කර තිබෙනවා.
මේ අතර එම සිසුන්ට විශ්වවිද්‍යාල නේවාසිකාගාරවලට ද ඇතුල්වීම තහනම් කර ඇති බව වාර්තා වනවා.